Sunday, February 19, 2012

සිහිනයකි ඔබේ ආදරේ

ආදරය කියන්නේ වෙලාවකට පිස්සුවක්  කොච්චර එපා කියල හිතුනත් ලග නැති වෙනකොට ජිවිතේ ලොකු හිස්තැනක් තියනවා .  කොච්චර ආදරේ කරත් මදි වගේ දැනෙනවා.  
සිතින් ආදරේ කරන එක තරමක් සුන්දර උනත් ආදරේ කරන කෙනා වෙන එක්කෙනෙක් ගැන කතා කරද්දී දැනෙන දුක මෙච්චරයි කියල නිම කරන්න බැහැ .  ආදරේ කොච්චර හංගන්න හැදුවත් මට එක කරන්න බැහැ මොකද මන් එච්චරටම ආදරේ නිසා . රූපසුන්දරියන් දැක්ක තැන නොගැස්සුනු හිත ඔයාව දැක්කම බූමිකම්පවකට හසු උනා වගේ දැනෙනවා . ජිවිතේ වටිනා කියන දේවල් නැති වෙලා යද්දී හිනාවෙලා හිටපු හිත ඔයා පැයගානකට වෙන්වෙලා යද්දී අඩනවා

කොච්චර එපා කියල හිටියත් ඔයාගේ නම online දකිනකොට ඔයාගේ නම උඩට cursor එක යන්නේ මටත් හොරෙන්මයි . ඔයානැති බව දැනුනු වෙලාවට අපිදෙන්නගේ චැට්      history බලන එකේ තේරුම මට තාම හිතාගන්න බෑ.ඔයා මගේ ජිවිතේ හුගක් වෙනස් කරේ කොහොමද කියල මට තාම තේරුම්ගන්න බෑ.කොච්චර ප්‍රශ්න තිබුන වෙලාවක උනත් ඔයාගේ 4to එක දැක්කම ලැබෙන සැනසීම වෙන මොකකින්වත් ලබාගන්න බැහැ . A ....කියන්නේ කව්ද කියල ඔයා අහපුවම ඔයාගේ නම කියල හිත කගහද්දී අනූ කියන නම type කරේ සිහිනෙන් වගේ .තවමත් ආදරේද කියල අහද්දී උත්තරයක් නොදී ගොළු උනේ ආයෙත් මගේ අහිංසක හිත  තැලෙයි කියන බයටයි .

ලඟ නැති බව දැනෙනවා 

එනමුත් හද අහනවා 
ඔබ ඒවිදෝ කවදාහෝ 
ඔබ මගෙමයි හැගෙනවා 
ආදරේ තව රැදෙනවා 
ඔබ ඒවිදෝ කවදාහෝ 

හුදකලාව මේ සිත හඩවනවා
සැමදා ජිවිතයේ තනිවේදැයි හිතනවා
ඔබගෙන් ලද උණුසුම මට දැනෙනවා 
තනිකම මාගේ ඉගිලී යනවා 

ලඟ නැති බව ........................

නෙතුපියාන මා ඔබේ රුව මවනවා 
හීනෙන් ඇවිත් මා දෑස සිඹිනවා 
ඔබගේ සුසුම් මට තව දැනෙනවා 
ඔබ දන්නේ නෑ ආදරේ ගලනවා

ලඟ නැති බව ........................

Tuesday, January 31, 2012

just a another mistake 4

hey guys අදනම් ලියන්නේ මොනවද කියල හිතේ කිසිම plan එකක් නැතුව තමා ආවේ..................කියන්න තරම් විශේෂ දෙයකුත් නැහැ .................අනේමන්ද ගෙදරින් එලියට බැස්සෙත් නැහැ ................ඇයි කියල මටනම් තේරෙන්නේ නැහැ ..................wotever එදා මන් නැවැත්තුවේ නිමාෂට මගේ love එක තේරුණ තැනින් නේ .........

අද එතැන් සිට (කස්ටිය සාදුකාරයක් දෙන්න )
ඔන්න දරුවනේ ඔය සිද්දිය වෙන කාලේ මමයි නිමෂයි හොදම යාලුවෝ කියල ඔයාලට තේරුනානේ ඉතින් මමයි නිමාෂයි රෑ දවල් නොබලා msg කරපු කාලයක් තමා ඕක ..........අපි දෙන්න අතර ආදරය සම්බන්ද කතාත් උනේ නැහැ කියල කියන්න බැහැ(just 4 jk )..............එත් මට නිමෂාව අල්ලන්න්නේ නැති පැති ගොඩක් තිබුන.............මොකද මන් නිමාෂට සමහර වෙලාවට ආදරේට වගේ ලස්සන words දාල කතා කරනවා බට් එය ඒවා වලින් ගන්නේ වැරදී අදහසක් ...................( මන් කෙල්ලන්ට කතා කරන විදිහ ගැන  වැඩි විස්තර නවක බ්ලොග් කරුවෙක් වන  මද්දු පුතාගෙන්  අහගන්න  )

කොහොමහරි නිමාෂා කියපු කතාවෙන් මට මාර ගටක් ආව................එත් ඉතින් වනකරගන්නේ නැතිව අහන්න එපෑ...........ඉතින් ඔය කලේ වෙද්දීත් මට කිසිම කෙල්ලෙක් ගෙන් කෙලින් අහන්න බැරි කමක් තිබ්බ ..................ඉතින් මන් මොකෝ දන්නවද කරේ ඊලග දවසෙත් class ගිය එකයි ...............ගිහිල්ලා කාටවත් මුකුත් කියන්නේ නැතුව හිටිය (ඇයි යකෝ එක පාරකුත් ඔක්කොම ප්‍රසිද්ද කරගෙන වැඩේ කෑවනේ ) ඉතින් මට හිතුන හින්ට් එකක් වගේ එකක් දුන්න නම් හොදයි කියල ගත්ත කොලයක් ලිව්වා ලස්සන කවියක් ද මන්ද (ඉන්ටෙර්වෙල් එකේ ).......ලියල අතට දෙන්නත් බැහැ වගේ  .................මාර බයක් අෆ්ෆා ...............නිමාෂට දෙන්නත් බැහැ නේ (මෙකි ආයෙත් වැඩේ වන කරොත් මන් ආයේ class යනවා බොරු .)ඔන්න මන් දැන් දෙන විදිහ කල්පනා කරනවා ..............කරනවා .................කරනවා ............මෙන්න බොලේ class එක ඉවරවෙන්නත් ලගයි .............එදා මාත් එක්ක චැට් කරපු කෙල්ලත් එක්ක මොනවා කියෙව්වද මන්ද.............දැන් වෙන කරන්න දෙයක් නැහැ නේ ...................කම් ඕ ගෝ චිකාගෝ කියල දැම්ම කොලේ මේසේ උඩට ................ කෙල්ල දැක්කේ නැහැ .............මන් කොලේ නම් ගම මුකුත් දැම්මෙත් නැහැ ...................මන් දැන් safe ..................

ඔන්න දැන් හචිංක කොලේ දැක්ක දිගෑරිය කන්න වගේ බලන් හිටිය ...................ඩොක් ඩොක්..........ඩොක් ඩොක්.............ඩොක් ඩොක්...........ඩොක් ඩොක් (beat එක හරි මදිනම් comment එකක් දාල කිව්වොත් ඊලග පාර වෙනස් කරන්නම් ) කව්ද මේක ලිව්වේ ??? මෙන්න බොලේ මේකි කොලේ උස්සල කෑගහන්න ගත්ත ..................
අඹ ගහේ නොසිතු ....................oh ma fucking god දැන් මාව ඩෙෆා ඩකා ඩිකා ඩුකා බයවෙලා ................මේකි දැන් කන්න වගේ කොල්ලෝ දිහා බලනවා ...........class එක ඇරෙන්න ලග නිසා කාටවත් ඒක ඇහුනේ නැහැ ..............මේ වෙද්දී මන් ඒ පැත්තට rubber eye ඒක දාගෙන හිටියේ ..................නිමාෂා ගත්ත කොලේ ,,,,,,,,,,,,,,,,බැලුව මන් දිහා හෙමිහිට හචින්කට මොන මොනවදෝ කියෙව්වා .............හචිංක බැලුව මන් දිහා ...............අපි දෙන්න 5 මිනිට්ස් වගේ අස් දිහාම බලාගෙන හිටියා ...............පොඩි හිනාවක් දැම්ම .................ගත්ත පෙන් එක ආයේ මොනවාදෝ ලිව්වා ...........දැම්ම කොලේ මෙහාට (අම්මෝ මෙදාපරනම් හරියට අතටම ආව )  ලියල තිබ්බේ මොකද්ද දන්නවද ??? දන්නවා ද කියනවකො??? දන්නේ නැද්ද ???


ලිපිය හිතුවටත් වඩා හුගාක් දිග වැඩි නිසා ඉතුරුටික හෙට ලියනවා එතකන් ගුඩ් 9t

comments :- ano 1 - කොහෙද යකෝ දිග??අම්මට ******** @*$&&%(#
                     ano 2 - මොකද්ද යකෝ කරලා තියෙන්නේ ඉතුරුටිකත් ලියපං .......(&)%&)#&*&##^&#@

                     ano 3 -()&%&)%)(#*#^&^*@%%
                     
හෙට පාරේදී ගඩොල් බාගත් එනවා හීනෙන් දැක්ක...........


එක්කෝ මන් තව ටිකක් ලියනවා ...............................


ඉතින් ළමයිනේ ඉස්සෙල්ල මන් නැවැත්තුවේ හචිංක මොනවද ලියල එව්වේ කියලනේ එයා ලියල එවල  තිබුනේ ................
නොසිතු මට මේක ගැන දැන්ම කියන්න බැහැ ...........මට මේක ගැන තව හිතන්න ඕනේ ..................තරහ වෙන්න එපා....... මන් මොකට එයත් එක්ක තරහ වෙන්නද නේද අනේ .................ඉතින් මන් ඔලුව වනල කිව්වා හා කියල ..............ඔන්න දැන් class එක ඉවර උන විතරයි හචින්කයි නිමාෂයි මගේ ලගට එනවා .............හචිංක ඇවිල්ල මට කියනවා ...........නොසිතු ඔයා මාත් එක්ක තරහද?  මගේ ඔලුව කොලොප්පන් ඇයි යකෝ තරහ වෙන්නේ ?? ඔයාට මන් හෙට උදේම කියන්නම් oky .....එහෙනම්  මන් යනවා පරිස්සමින් ගෙදරයන්න ........මට එවෙලේ මොලේ ඩබල් වෙලා .............බ්‍ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්


නිමාෂා මෙන්න මගේ ලගට ඇවිල්ල අහනවා :- නොසිතු party එක දැන් දෙනවද නැත්තන් හෙට උදේ දෙනවද කියල .................


මෙය මගුලක් කතා කරනවා මගේ යාලුවෝ මග බලන් ඉන්නවා.......... එනවා යන්න (පැනල යන් සෝන්ග් එක ඔලුවට ආව වගේ ) බ්‍ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්
ආයෙත් වැරදුනා ..................

Sunday, January 29, 2012

just a another mistake 3

ඔන්න guys මම අදත් සුපුරුදු විදිහට ආව ....................කොහොමහරි මට කියන්න තියෙන්නේ මමනම් හොදින් කියල තමා( කව්රුත් ඇහුවේ නැති උනාට අහයි කියල හිතලයි කිව්වේ හොදේ ) මන් ඔයාලට කිව්වනේ එදා මන් හචින්කා අක්කි හින්ද පොඩ්ඩක්  මනෝ ගහල කියල .................. ඉතින් 

අද එතැන් සිට (සාදු සාදු සාදු )

ඔන්න මන් ඉතින් ගෙදර ගියත් හ්ම්ම්ම් මට අව්ල් ඇයි අෆ්ෆා මන් අච්චර ආදරේ හිතෙන කෙල්ලෙක්ට වනේ මග ඇරියේ ලස්සන කෙල්ලෝ හොයා හොයා ..................මට ඇත්තටම දුක හිතුන ..............(මන් ගැන කියනවනම් මන් කරන දේවල් චුට්ටක්වත් හිතන්නේ නැහැ .............පස්සේ පසුතැවෙනවා)කොහොමහරි මට එයාව හුගක් මතක් උනේ නැහැ කිව්වොත් ඒක බොරුවක් ...................ඉතින් ඔන්න 2 weeks විතර ගියා මන් හුගක් එයත් එක්කමයි කතා කරන්නේ .................කොහොමහරි අපේ කොල්ලෝ අතරත් හචින්කා ගැන පොඩි sean තිබ්බ මොකද මන් කිව්වනේ හචිංක කියන්නේ ටිකක් විශේෂයෙන් කැපීපෙනෙන චරිතයක් කියල ..............කොල්ලෝ ටිකත් මේකිත් එක්ක කතා කරනවා (කතා කරන්න ට්‍රය් කිව්වොත් හරිද මන්ද)...............අපේ රාජ් අයිය(මුසලයාගේ නෑදෑ අයියකෙනෙක්) මට කියනවා  
රාජ් :- අඩේ නොසිතු අර කෙල්ලගේ මොකක් හරි sean එකක් තියනවා බන් .............
නොසිතු :- කව්ද බන් ???
රාජ් :- අර හචිංක බන් මට එකිත් එක්ක කතා කරන්න අසයි බන් (රාජ් වැඩිය කෙල්ලොත් එක්ක කතා කරන්නේ නැහැ මොකද ඌ අයිය කෙනෙක් නේ ලැජ්ජාව ලැජ්ජාව)
නොසිතු :- ඉතින් කතා කොරපන් කෝ................ මොකෝ කියන්නේ දාල දෙන්නද ??? 
රාජ් :- කොහොමද බන් එහෙම මුනට ගිහිල්ල කතා කරන්නේ ??? එකිත් එක්ක කතා කරන්න chance එකක් සෙට් කරලා දීපංකො ............එකී මාර අමුතුයි බන් 
නොසිතු :- oky oky 

එටකොටයි මටත් තේරුනේ කෙල්ලගේ විශේෂත්වයක් පෙන්නේ මට විතරක් නොවන බව .............................................

ඔය මූසලය ගැන කියනවා නම් ලව් sean ඒක ගැන කෙල්ලටත් වඩා පරිස්සම් වෙන්නේ මූ .........වෙනමුකුත් නෙමේ මූ ගෙදරට පසට බයයි (class එකෙදිවත් boot සූ එක්ක තනියම කතා කරන්නේ නැහැ ................මූ මල් කඩන්නේ අපි හැමෝම මැදට වෙලා හොරෙන් ............මුගේ තිබ්බේ යකාගේ බයක් )ඉතින් මූ මල් කඩන කන් අපි ඔක්කොම වට වෙලා වෙන මගුල් කතා කරන්න ඕනේ ..................හික් හික් ඔන්න ඔහොමයි sean ඒක

ඔහොම උන්ගේ ලව් එක අතරේ මගේ හිතේ හචිංක ගැනත් අමුතුම දෙයක්  ඇතිවෙලා තිබුන .............එයත් එක්ක කතා කරන හැම වෙලාවේම මට එක තේරුණා ..............අනිත් උන් මොනවා කරත් මන් class එකේ එයත් එක්ක විතරක් කතා කරපු වාර ගණන අනන්තයි ..............බට් මට එයට දන්වන්න විදියක් තිබ්බේ නැහැ ...

එකක් තමා මන් එයාගෙන් කෙල්ලෙක් සෙට් කරගන්න උදව් ඉල්ලලා chater වෙලා තිබ්බේ ............ඉතින් මන්  කොහොමද එයාට කියන්නේ ............කොහොමහරි ඔය ටිකේ ඉදල තියනවා මන් ගැන ඉව වැටුන gal කෙනෙක් වෙන කව්රුත් නෙමේ අපේ මෝඩ පහේ නිමාෂ........ (ඔය වගේ ඒවාට එය ටිකක් විතර ඉව තියනවා ...........................)

ඔය කාලේ මන් නිමාෂා, boot සූ ,romantic රෝ තව කෙල්ලෝ 2 , 3 ක් එක්ක රෑට msg කරනවා.......................... msg ගැන කියනවනම් දවස් 3 ට inbox එක 3000 පැනල  4ne එක stuck වෙනවා චිමිය සාක්කි ..............   (අම්මෝ දැන්නම් කෙල්ලෙක් නෙමේ මොකෙක්ටවත් msg කරන්න නැහැ ...............ඒක එච්චරටම එපාවෙලා ) 
ඔන්න දවසක් රෑ නිමාෂත් එක්ක msg කර කර ඉද්දි නිමාෂා අහනවා ...............
m .p නිමාෂා :- නොසිතු ........මන් බඩ්ඩක් අහන්නම් ඇත්තම කියනවද?
මම:- අහන්න ???
m .p නිමාෂා:- ඔයා හචින්කට line නේද???(කාල වරෙන්කො මදෑ හිතින් පෙම් කරන්න ගියා )
මම:- ඔව්.............. ඔයා කොහොමද දන්නේ?? :O 

m .p නිමාෂා :- මට ඔයාව හොදට තේරෙනවා නොසිතු ..................කොහොමද මගේ වැඩ???
මම:-  හොදා හොදා බල්ලට වගේ තේරෙනවා ................ :P 
m .p නිමාෂා :- අනේ පලයන් කොල්ලෝ යන්න .............මෙහ් එකනෙමේ ඇයි ඔයා එයාගෙන් අහන්නේ නැත්තේ ???
මම:- එයා මට කැමති වෙයිද?
m .p නිමාෂා :- ඔයාට අකමැති වෙන්න නම් හේතුවක් නැහැ ..............ට්‍රය් එකක් දාල බලනවකො


මට ඔයාලගෙන් පොඩි උදව්වක් ඕනේ .........................මන් කතා ටික එක දිගට දාගෙන දාගෙන යද්දී ඔයාලට කතාව එපාවෙනවද???? මොකද මන් දවසගානේ  දාන නිසා ???..............මට pls මේගැන කියන්න ...................comment එකක් දාල කිව්වොත් එක මට ලොකු උදව්වක්(නැත්තන් මුන් හිතෙන කියයිද දන්නේ නැහැ නේ )   :D

Saturday, January 28, 2012

just a another mistake 2

රායිට්ට්ට් අද නම් ටිකක් කූල් විදිහට දවස ගෙව්වා ......කරපු  විශේෂ දෙයක් නම් නැත්තේය ..........කියන්න නම් දේවල් ගොඩාරියක් ඇත්තේය .........මුලින්ම කියන්න ඕනේ ඊයේ ලියපු  තවත් වරදක් පමණි කියන පොස්ට් එක එක්තරා විදිහක අසාර්ථක පොස්ට් එකක් කියල මට පේනවා ..........තැන තැන තියන පැටලිලි සහගත තත්වයන් වලට මන් ඇත්තටම කණගාටු වෙනවා ............එකේ වැරදී පෙන්නලා දුන්න යුගාටත්,දිනේෂ් ටත් ,වර්ණා හෙවත් පාට පාට අක්කිටත් , ජනරංගටත්  විශේෂයෙන් fb චැට් එකේදී මගේ වැරදී පෙන්නලා හදාගන්න විදිහ කියල දුන්න පොඩි පුතාටත් මගේ ප්‍රණාමය .............

මන් ඔයාලට ඊයේ කිව්වනේ මට කෙල්ලෙක්ට හිත ගිය හැටිත් ඒකට හචින්කා කියන කෙලි පොඩ්ඩ උදව්කරන්න ඉදිරිපත් වෙච්ච හැටිත් 

අද එතැන් සිට .......................................................................
ඔන්න සදුදා උදේ මන් පාර බලාගෙන ඉන්නවා......... ඔන්න දැන් හැමෝම ඇවිල්ලා ................එත් මේ හචින්කා තාම නැත .............class එකත් පටන් අරගෙන ..................මන්  හචින්කාගේ  mother and father මතක් කර කර හිටියේ ඇයි යකෝ මේවගේ වැඩකදිවත් වේලාසනින් එන්න දන්නේ නැද්ද?????මෙන්න බොලේ මේ යෝදී පැය 1/2 කටත් වඩ පරක්කුවෙලා එනවා .................ආවට කෙල්ලගේ මූන නිකන් අපායට පුරහදක් පායලා වගේ ..............දැක්කගමන් මට තේරුණා මොකක් හරි ඉස්කුරුප්පු නියනක් කියල කමක් නැහැ ඉතින් ඕන උළුදු වඩයක් කියල මමත් ඇහුව මොකද කියල (කතා කරලා නෙමේ ඕන් .............ඇස්දෙකෙන්)  :D එයා ටකස් ගල පැන්සලෙන් මොනවදෝ කුරුටු ගාල කොළ ගුලියක් විසික් කරා   ............. (කොලගුලි මෙතඩ් එක තමා අපි සෙට් එකයි අපේ කෙල්ලෝ සෙට් එකයි අතර class එකේදී පණිවිඩ හුවමාරු වෙන්නේ ) හුටා කොළ ගුලිය වැටුනේ කොල්ලොන්ගේ ඩෙස් පේලියයි කෙල්ලන්ගේ ඩෙස් පේලියයි මැදට shit මුන්ට කොළ කෑල්ලක් වත් විසික්කරන්න පන නැහැ නේ අෆ්ෆා  ( ඒ දෙක මැදට අඩි 6 ක විතර පරතරයක් තියනවා නැත්තන් ඉතින් මුන් මොනවා කොරගනිද දන්නේ නැහැ නේ :පි )   ඉතින් කොහොමහරි ඕක බලන්න එපෑ................ එදා කොහොමහරි මන් හිටියේ මෙහා කොනේ චිමියට කිව්වා අනේ චිමියෝ අර කොළ කෑල්ල අරන් දියන්කෝ බන් .............මුගේ ආච්චිට හාල් ගරන්න මූ එකපාර බැහ කියල අහක බලගත්තනේ මට ඉතින් මල්පැණි දොරේ ගලනවා ඇයි යකොව් මේ ලිව්මෙනේ මගේ අනාගතේ තීරණය වෙන්නේ   ...........

ගත්ත උගේ පොත විසික්කරා කොළ කෑල්ල උඩටම මූ දැන්නම් ඩෙෆා පොත ගන්න එපෑ මෙන්න මූ මගේ දෙමාපියන්ට සෙත් පතන ගමන් ගිහින් දෙකම අරන් ආවා ..............ඉතින් මන් ලිව්ම ඇස්දෙක පියාගෙන දිග ඇරිය..............දිග අරින්නත් බැහ වගේ හෙමිහිට දිග ඇරලා බැලුව කොලේ හිස් හුටා හචින්කා දිහා බැලුවම එකී කියනවා අනිත් පැත්ත බලනවා ඔයි කියල ........ෂිට් මෙහෙමත් කෙල්ලෝ .....................ඒ උනත් මන් නොවැ හත්පොලේ ගාගත්තේ ඉතින් අනිත් පැත්ත හෙමිහිට බැලුව ලස්සන මුතු කැට අකුරින් ලියල තියන දේ දැක්කම මට හචින්කට kiss එකක් දෙන්න හිතුන .......... ලියල තිබුනේ 

මන් ඔයාට ඉන්ටවල් එකේ කියන්නම් කියල ...............................  අතල් හා :/ මන් ඉතින් හචින්කව දවා අළු කරන බැල්මට් එකක් දැම්ම මෙන්න කෙල්ලෝ ටික හිනා වෙනවා මට නම් මල් පැණි දොරේ ගලනවා .................ඒ මදිවට එහාපැත්තෙ හිටපු මුසලයත් හිනාවෙනවා දෙන්න හිතෙනවා කන රව්ම් වෙන්න ................අනේ ඉතින් අහිංසක නොසිතු මම ඉන්ටවල් එක වෙනකන් අලුත් ලෝකෙක කොහොමහරි ඉන්ටවල් එකත් ආවා කියමුකෝ මෙන්න හචින්කයි ,නිමාෂයි කනවා ..............අපේ උන් බඩගිනි බඩගිනි කියල මාව කනවා මන් ඉතින් උන්ටත් කන්න කියල මන් එතනම හිටිය කෙල්ලෝ දෙන්න කල ඉවර වෙනකම් ................මුන් කාල ඉවර වෙලා අනිත් උනුත් කනකන් එතනට වෙලා බලාගෙන ඉන්නවා .................මගේ දැන් ඉවසීමේ සීමාවත් පැන්නලු .................ගත්ත නිමාෂට call එකක් මෙහෙ වරෙන් හු***යේ ( ඇයි  යකෝ මන් මේ මගේ අනාගතේ කොහොමද කියල බලාගෙන ඉන්නවා මුන් කනවා කනවා ඉවරයක් නැහැ ............කාල ඉවර වෙලත් අනිත් උන් කන ඒවා දිහා බලාගෙන කෙල ගිලිනවා .......... කන්න නම් කවද බැරිද මන් අහන්නේ?  )hikz මේකි බයවෙලා හචින්කාවත් ඇදගෙන ඇවිල්ලා ..................හචිංක ආවගමන් මාව පැත්තකට ඇදගෙන ගිහිල්ල කියනවා 

හචින්කා:- අනේ නොසිතු එදා මර වැඩේනේ හලෝ උනේ........
මම:- ඇයි හලෝ ???
හචින්කා:- මන් එදා අරයාගෙන් එක අහන්න ගියාම .........එය sean එක දන්නවා ..........තමුසෙගෙ මගුල හින්ද එකිටත් names හැදිලා
මම:-     හිතින්:- (නිමෂගේ අම්මට කිරි උතුරන්න එපෑ)       කටින්:- නෑ ඒ කොහොමද ඒ මන් ඒකිට කිව්වෙත් නැහැ නේ ...........මන් baby මූඩ් දැම්ම
හචින්කා:- ඒ වැඩේ හරියන්නේ නැහැ හලෝ ..........
මම:- හ්ම්ම්ම්ම් හ්ම්ම්ම්ම් 

ටිකක් අව්ල් උනත් මූඩ් ගහන තත්වයට අවේ නැහැ coz මන් කවදාවත් සෙට් වෙන්න ඉස්සෙල්ල සිහින මවන්නේ නැහැ පුර්ණ නිමාවෙන් පසුව :පි  කොහොමහරි අරය වෙනුවෙන් මගේ හිතේ තිබුණු ඒවා එක   මේවා වෙලා ගියේ  මට අලුත් යාලුවෙකුත් ජීවිතේට එක්කරලමයි ......................ඉතින් කොහොමහරි කඩු පන්තිය ජයට කෙරීගෙන යනවා ...............අරුන් දෙන්න මල් කඩනවා මන් ............හවස සෙට් වල කෙල්ලන්ට කඩුවෙන් කොටනගමන් හදවතටත් තට්ටු කරනවා ...............හචිංක එක්කත් ඉදල හිටලා හිනාවක් දානවා මිසක් අර sean එකෙන් පස්සේ එයත් එක්ක කතා කලේම නැහැ නේ................මාල sean කෝන් කිව්වලු එදා කොහොමහරි මට සේටාර් උනේ හචින්කව ...............අයියෝ සල්ලි දැන් ඉතින් වෙච්ච දේ මක්කොරන්ටදැයි කියල කතා කරනවා ලු

හචින්කා:- hy
මම :- hy............වටපිට බලමින් (ඇයි අෆ්ෆා ෆට්ට කැල්ලකට talk කරන්න තියන කාලෙනේ )
හචින්කා:- how r u ?
මම :- fine ...........අයෙත් වටපිට බලනවා .............

බලද්දී මෙන්න බොලේ අර මූසලය ට ඉටිකිරිස් කැල්ලක් සෙට් වෙලා මට ඉතින් මල high ජම්ප් ඇයි  යකෝ හචින්කට තිබ්බනේ වෙන තැනකට යන්න ....................එයාටයි මටයි නම් කවද කතා කරන්න බැරිද ඒකිට sean එක තේරිලාද මන්ද එකී කට වහගත්ත (මන් ඒකාලේ අනේමන්ද ..........දැන් නම් හිතෙන්නේ පුර්ණ නිමාවගේ sean එකෙන් පස්සේ මන් ආත්මාර්ථකාමී වෙලාද මන්ද )

කොහොමහරි මන් මුසලයාගේ කෑල්ලට හිනාව ක් දැම්ම reply එක හොදා.............මන් දැම්ම කඩ්ඩෙන් hey gal wats ya name ??? කෙල්ල ඉතින් ටිකිරි මල්ල හොලවල දැම්ම um malini ..............ඔන්න දැන් මමයි කෙල්ලයි කතාව මුසලයට මල් පැණි දොරේ ගලනවා මට මුනෙන් පේනවා ..............මට පාන් ද මම උට සෙට් වෙච්ච කෙල්ලත් එක්ක මල් කඩනවා ඇයි යකොව් ඌට ලියාපදිංචි ඔප්පුවක් තියනවනේ මගුලටද තවත් සුකුරුට්ටම් ................මෙන්න බොලේ මු මාව ඇදල අරන් කියනවා

:-මෝඩ මුසලය තෝ තොගේ කෙල්ල හචින්කත් එක්ක කතාකරපං මට වද දෙන්නේ නැතිව .......මටත් එතකොටයි මතක් උනේ හචින්කwa
කෙල්ල මන් දිහා දුකෙන් වගේ බලන් ඉන්නවා මට එතකොටනම් දුක හිතුන ...............මන් ඉතින් එයාට චැට් එක දල බැලුව .................

බලද්දී කෙල්ලත් හොද මිටර් එකක් ...................කතා කරන ස්ටයිල් එක මාර ලස්සනයි................එයත් එක්ක කතා කරන්න ආසයි.............මාර open නිකන් උම්බෑ ෆ්ම් වගේ .................බලද්දී මෙයාගෙත් කොන්ඩේ කොටයි ................කොහොමහරි එදා අපි දෙන්නගේ කතාව ඉවර උනේ දෙන්නව හොදම friends ල කරලා .............එදා ගෙදර ගියාමත් මාර අමුතුයි ..............මතක් වෙන්නෙම එයාව මට පිස්සුද අෆ්ෆා??? 

Thursday, January 26, 2012

just a another mistake

hey guys අදත් නොසිතු මන් සුපුරුදු විදිහටම කතාවක් කොටන්නයි යන්නේ . අද අපේ bunny අයිය කිව්වනේ මගේ style එකට ආස නැහැ කියල .හේතුවනම් කිව්වේ නැහැ .මන් හිතන්නේ තිත් ගොඩාරියක් දාන නිසා වෙන්න ඇති.
කෝ ඉතින් ඊයේ මුළු දවසම ගෙදර හිටියනේ .ඒක නිසා අද call එකක් මොකද්ද හොටෙල් එකක නමක් කිව්වා .ගිය බලන්න මෙන්න බොලේ අයිස් බඩයි, බුරා අයියයි අබරනවා . ඊටපස්සේ තමා සිද්දිය අපේ අයිස් බදාට සල්ලි හම්බවෙලා ඌ දැන් යලිත් පෙරසේ වියදම් තමා . ඔක්කොම 5000 හේ කොල .කස්ටිය සෙට් උන පූල් යන්න (පීනන්න තමා ඉතින්)අන්තිමට කට්ටිය පූල් ගැහුවා . අන්තිමට Rs .500 ක් දින්න නරක නෑනේ .උගේ තියරිය තමා සල්ලි තියෙන්නේ ෆන් ගන්න ඒකියන්නේ වියදම් කරන්න දැන් 1 month වල ඉදන් ඌ අලුතෙන් සල්ලි වියදම් කරන්න විදිහක් හොයාගෙන ඒ තමා club යන එක .මේ ගෙව්න මාසේට ඒ යකා club එකට ලක්ස 10 ට  වඩා වියදම් කරලා තියනවා කොහොමහරි අදත් ඌ සුපුරුදු පරිදි club තමා මටත් එන්න කිව්වා එත් මගේ ඒ හැටි  ආසාවක් නැහැ අදත් උගේ සල්ලි වලින් බාගයකට වඩා බබා සෙට් (අත්දැකීමෙන් කියන්නේ) 

හුටා අද මන් ලියන්න ආවේ mission හචිංක නේ මොන මගුලක්ද මන් මේ ලිව්වේ කියල මන් මේ කල්පනා කොරනවා.

පොඩි හැදින්වීමක් :- මේක තමා මන් අර පුර්ණ නිමාවෙන් පස්සේ officially ට්‍රය් කරපු story එක .එතකොට මන් පුසිව හුගාක් දුරට අමතක කරලා තිබුනේ. ඊටපස්සේ  මන් හුගක් කෙල්ලන්ට මල් කැඩුව නල්ල පිපී,රොෂ් ,sexy සචිනි , තව පොඩි නංගිලා සෙට් එකක් (නම් මතක නැත ) එත් hit වෙච්ච කැල්ලක් හිටියේ නැහැ .මල් කැඩුව විතරයි :ඩී බට් කිසිම කෙනෙක් ගෙන් ඇහුවේ නැහැ මොකද මට ඕන කමක් තිබ්බේ නැහැ. මන් හෙව්වෙම මගේ හිතේ ඇදිච්ච කැල්ලක් .කොහොමහරි ඔය ඕලෙවල් ලියන්න ඉස්සෙල්ල සතියේ අන්තිම ගණන් class එකේදී මගේ හොදම ෆ්රෙඩෙක් වන මෝඩ මුසලය boot සූව දාගත්ත,(ඔය සිද්ද වෙච්ච දේටත් වග කියන්න ඕනේ මොඩපහේ නිමාෂා and නොසිතු තුමා ) ඕලෙවල් ඉවරයි නොසිතු මමත් ඕලෙවල් ලිව්වා කියමුකෝ.

මෙන්න මුන් දෙන්නගේ මල ඇඩීයාව දෙන්නට මීට් වෙන්න විදිහක් නැහැ . OL කරපු දෙන්නෙක්ට ඔයවෙලාවට මතක් වෙන්නේ after OL classes , ඔන්න එතකොට තමා මීටර් උනේ මොකද්ද මන්දිරේක ඉන්දික කියල එකෙක් english class එකක් කරනවා කියල. ඔය class එකත් negombo වල තියන අතල් ම class එකක් කියල බය නැතුව කියනවා.හේතුවනම් class එක අවසානයේ class එකේම කෙල්ලෝ කොල්ලෝ ජෝඩු කරලා පොඩි chat එකක් දාන්න දෙනවා අතල් නැද්ද අෆ්ෆා කෙල්ලයි කොල්ලයි කතා කරන්න ඕනේ english වලින් ඕන දෙයක් කතා කරන්න නිදහස තියනවා. හුගක්  අදුරන්නේත් නැති ජෝඩු එකට වැඩිවෙලා පැය කීපයකට පස්සේ සදහටම ජෝඩු වෙනවා මාරම නිදහස් ,තමන්ට කැමති කෙල්ලවත් choose කරගන්න පුළුවන්.

ඉතින් අරුන් දෙන්නත් ලෑස්තියි.සාක්ෂි කාරයෝ විදිහට කොල්ලගේ පැත්තෙන් මමයි කෙල්ලගේ පැත්තෙන් මොඩපහේ නිමාෂයි දෙන්නත් class එකට join .ඔය class වලට හුගක් එන්නේ සෙට් පිටින් ඉතින් මටයි අර මුසලයටයි විතරක් class එකේ ඉන්න එක boring ඔය class එකේ හුගක් ඉන්නේ අපේ school එකත් එක්ක අව්ලෙන් හිටපු සෙට් තමා . ඉතින් හොදම විසදුම උනේ අපේ උන් 2 3 කුත් join කරගන්න එක .කෙල්ලොන්ටත් ඒකම හිතිලාද කොහෙද 
කොහොමහරි අන්තිමට අපේ පැත්තෙන් චිමිය , සමනලය ,මුසලයාගේ අයිය කෙනෙක් වන රාජ් සේටාර් උනා
විරුද්ද පක්ෂෙන් නම් ආවේ romantic රෝ විතරද මන්ද

කොහොමහරි මම ඔන්න අයෙත් කෙල්ලෝ හොයනවෝ ......... ඔන්න එකදවසක් මට කෙල්ලෙක්ව සෙට් උනා  දැන් දෙන්න කතා කරනවා කතා කරනවා ඉවරයක් නැහැ කෙල්ලත් හුරුබුහුටියි , කොන්ඩෙ කොටට කපල හරිම තැම්පත් කෙල්ලෙක් කොහොමහරි කතාව ඉවර උනේ මගේ හිතේ එයා විශේෂ තැනක් අරගෙනයි .ඔන්න ඉතින් මන් සුපුරුදු මෝඩ වැඩේ කරානේ , සිද්දිය මොඩපහේ නිමාෂට කිව්වා අයියෝ සල්ලි මේකි මොකද කරේ මුළු class එකේම කෙසේවෙතත් එයාගේ desk එක වටේ ඉන්න කෙල්ලෝ හුගක් දැනගත්ත (පන්තිය ඉවර උනාමයි කෙල්ලෝ කොල්ලෝ එකට දාන්නේ )

කොහොමහරි මේ love එකට help කරන්න නිමාෂ ගේ යාලුවෙක් ස්ව කැමැත්තෙන් ඉදිරිපත් උනා නම හචින්කා කොන්ඩෙ කොන්ඩෙ කොටට කපපු තවත් කෙනෙක්   ,මාර කටකාරයි , එතරම් ලොකු ලස්සනක් නැතත් හොද ආකර්ශනීය බවක් තියනවා ,පොඩි දගලිල්ලකුත් නැතුවම නොවෙයි කොහොමහරි එයා කිව්වා මේකට හෙල්ප් එකක් දෙන්නම් කියල coz අර කෙල්ල යන්නේ හචින්කාගේ  bus එකේද කොහේදෝ ඉතින් කොහොමහරි හචින්කා අර කෙල්ලගෙන් මන් ගැන අහල next week කියන්නම් කිව්වා

හාං දොයි මතායි වෙලාව පාන්දර 3 යි . අදට ඇති නේහ්????  

Wednesday, January 25, 2012

නිමාවක් නොමැති පුර්ණ නිමාවක් 5 (අවසානය )

හ්ම්ම්ම්ම්ම් ඔන්න අදත් සුපුරුදු පරිදි ඔබවෙත කතාවක් ඉදිරිපත් කරන්න එන්නේ නොසිතු මම (පසුබිමින් හුරේයි හඩ,විසිල් හඩ සමගින් කඩු පොලු and ගඩොල් බාග)................
ඔන්න ඉතින් මන් පළමු වතාවට දහවලක පොස්ට් එකක් ලියනවා .................මේ ලියන්නේ ඊයේ රෑ ලියන්න තිබ්බ පොස්ට් එක ....................කොහොමහරි ඊයේ හවස එකෙක් call ගත්තම මචන් අද රෑ BBQ එකක් දාමුද??? මමත් ඉතින් බෑම කියි ඕවට හ්ම් හ්ම් කියල ගියා............ඉවරවෙද්දි 12.30 මමයි යාලුවෝ 3 කුයි ගෙදර බල පිටත් උනා .................යද්දී මෙන්න බොලේ පාරේ ඉන්නවා මාමල 10 ක් විතර ...............එකෙක්ටවත් හෙල්මට් නැහැ නේ ඉතින් අපි අතල් එකේ යනවා මෙන්න බොලේ අපේ පස්සෙන් එලවනවා ................අපි නම් නවත්තයි ( අපි නම් සාමන්නෙන් හෙල්මට් නැතුව තමා ගමන් යන්නේ එක අපි සෙට් එකගේ පුරුද්දක් අත දැම්මට කවදාවත් නවත්තලත් නැහැ ...............මමනම් නවත්තන්නෙත් නැහැ, ලයිසනුත් නැහැ, වයසත් නැහැ ,හදිස්සියක් උනොත් කරගන්න බැරි දේකුත් නැහැ ,එකෙක්ටවත් දැන් කෙල්ලොත් නැහැ , හිතන තරම් ලොකු සෙට් එකකුත් නැහැ............පම්පෝරිය ඇති නෙහ්) සෙට් එක ගැන පොස්ට් එකක් බලාපොරොත්තු වන්න ...............කොහොමහරි ඊයෙත් සුපුරුදු පරිදි මාමලට පරාජය එක් කරමින් අපි ගෙවල් වලට මාරු උනා .............ගෙදර යද්දී 2 යි.මොන බ්ලොග් ද හලෝ ...............


ආහ් තව තව ටිකෙන් අමතක වෙනවා ...... අපේ සයුරි අක්කි අහල තිබ්බ මෝඩ පහේ නිමාෂා ගේ msg එකට මොකද උනේ කියල .................මන් ඇත්තටම එක ලිව්වේ නැත්තේ කව්රුත් ඇහුවේ නැති නිසා....................එකට උනේ මොකද්ද දන්නවද ?? මන් අරිය reply එකක් එවෙලාවේ  
මම :- hy 
නිමාෂා:- hy මොනවද කරන්නේ ?
මම:- fb .......ඔයා?? 
නිමාෂා :- මොනවා කරන්නද අනේ ...............මමනම් නිදහසේ මලක් කඩාගෙන ඉන්නවා............
මන් මෙයාගේ හැටි දන්නා නිසා සිද්දිය කෙටියෙන් කියන්නම් (මෙයාට ඕනේ උනේ එයට කොල්ලෙක් ඉන්නවා කියල මට අගවන්නයි එය හිතන්න ඇති ඔහොම කිව්වම මට රිදෙයි කියල)මට පව් කියල හිතුන <<<මේක ගැන කියන්න ගියොත් නොදැනුවත්වම තවත් අතුරු කතාවක් :P

මන් එතනට ගියා විතරයි එකෙක් අහනවා මොනවද හලෝ මේකේ තියෙන්නේ ...........................මන් ඇහුව මොකේද? .............ඔයාගේ iPod එකේ?............. කෝ බලන්න කියල ගත්ත අතට ........................අයියෝ මට පොලවේ වැලලෙන්න හිතුන ..............මේකේ අසබ්ය පින්තුර ගොඩායි ...........මට දැන් අරුවත් මරන්න කේන්තියි  .........අලි සුරතල් කිව්වලු දැන් ඉතින් මොකද්ද කරන්නේ මට දැන් class එක ඉස්සරහ අදුන් ගැලෙව්වා වගේ .................ඔන්න එතකොටම sir කාරය ආව ipod ඉල්ලගන්නවත් විදිහක් නැති නිසා මන් ඕන වෙඩිමක් කියල ඇවිල්ල ඉදගත්තා ...........

මට දැන් පේනවා  මුන් ටික දැන් iPod එක වටේම අරිනවා ගන්න උනුත් මන් දිහා ඇස් ලොකු කරලා බලල  පින්තුර ඔක්කොම බලනව මමත් ඉතින් උන්ගේ ආසාවනේ කියල වෙන වැඩක් බලාගත්ත..............මෙන්න iPod එක M .P නිමාෂා ගාව ඉල්ලුවම එකී කිව්වා class ඇරුනම දෙන්නම් කියල .........මන් ඉතින් එකිගේත් අසවනේ කියල හා කිව්වා ................class ඇරුන අපි සෙට් එක ගෙවල් බලා යද්දී මේ මස්ත බාල්දු නිමාෂා කරේ පුසී මේ බලන්න ****ගේ iPod එක කියල දුන්න එකයි ..................පුසී මොකද කරේ මේකේ 4to 2 3 ක් බලල මන් දිහා අමුතු විදිහට බැලුව .............මම දැන් අඩන්න වගේ ..............පපුවත් ඩක් ඩක් ගානවා ................පුසී මොනවා කියයිද ??? මට දැන් නිමෂාව කන්න කේන්තියි ................
පුසී :- ***** ඔයාට බැරිද මේවා නැතුව මල් වගේ 4tos ටිකක් දාගන්න කියල ipod එක මගේ අතට දුන්න .....................එවෙලේ මට මුකුත්ම කියාගන්න බැරි උනා .............මට අඩනවානම් මුළු රටටම ඇහෙන්න තරම් කගහල අඩන්න පුළුවන් කම තිබුනත් මන් හිටිය ..................දැන් බැරි උනත් පස්සේ දවසක හරි ඇත්ත කියල ඔක්කොම හරිගස්ස ගන්න පුංචි බලාපොරොත්තුවක් නිසා මන් ඉවසගෙන හිටිය ....................පස්සෙයි මන් දැනගත්තේ ඒ වෙන් වීම කවදාවත් ලන්වෙන්නේ නැති වෙන් වීමක් වූ බව ...................එයින් උනේ මන් ගැන එයගේ හිතේ සදා වෙනස් නොවන අමිහිරි හැගීමක් ඇතිකර ගෙන ....................ඔව් මන් පස්සේ හුගක් වෙහෙසුනා ඒ හැගීම වෙනස් කරන්න එත් ..................එය එදායින් පස්සේ මන් එක්ක කතා කරන වචනයක් වචනයක් පාසා ඒ වෙනස මට තේරුණා ................

මේ වෙද්දී මන් හුගක් මානසිකව වැටිලයි හිටියේ .....................මොන සිද්දිය උනත් මන් plan කරගෙන හිටියේ  February 28 යෙදෙන එයාගේ B day එකට තෑග්ගක් දෙන්නයි ...........එත් මන් දීල එය ගත්තේ නැත්තන් කියල හිතිල මන් හැදුවේ මොඩ පහේ නිමාෂා අතින් එයට දෙන්නයි .................ඉතින් අදින් හරියටම අවරුද්දකට ඉස්සෙල්ල මට නිමෂාව හම්බ උනා(බලද්දී දිනෙත් මතකයි බොලව් ).............මන් සිද්දිය කිව්වම එය මට කියපු දෙයින් මගේ ඇග සිතල වෙලා ගිය .............එයා මට කිව්වේ

***** ඔයා දන්නේ නැතුව ඇති පුසීට කොල්ලෙක් ඉන්නවා ...............එහාට වෙච්ච කිසිදෙයක් මට මතක නැහැ ....................මන් එතන කොහොම හිටියද කියල මට හිතාගන්න බැහැ  ................මන් දන්නේ මන් ඇඩුවේ නැහැ කියල විතරයි.මට හිතුනෙම මගේ ජීවිතේ විනාස උනා කියල .....


 එත් දැන් එක අතකින් එහෙම උන එක හොදයි කියල හිතෙනව ...................හේතු ගොඩක් තිබුනත් හොදම හේතුව මන් දැන්ම කියන්නේ නැහැ ..............එකටත් වෙනම පොස්ට් එකක් දානවා .....................කොහොමහරි මගේ සල්ලිත් ඉතුරු උනා..............අත්දැකීමක් හම්බ උනා ...............අලුත් යාලුවෝ සෙට් එකක් හම්බ උනා මෙයා නොහිටියානම් මන් class යනවා තිය හිතන්නේ වත් නැහැ .....................ඔයාලට කියවන්න අලුත් කතාවක් හම්බ උනා  :ඩී ඇති නේ ....................

ප.ලි.  අම්මොහ් එහෙනම් මගේ පුර්ණ නිමාව කතා මාලාව මෙතනින් අවසන් වන අතර කඩු කිනිසි ..........ඔක්කොම බාරගනු ලැබේ එහෙනම් නොසිතු මම යනවෝ ................වැරදි එහෙම තියනවනම් පෙන්නලා දෙනු මැනවි ....................ඊළගට මොනවා ගැනද ලියන්නේ කියල හිතමින් පසුවෙනවා mission හචින්කා ද ??? මගේ යහළුවන් ද??? 

Monday, January 23, 2012

නිමාවක් නොමැති පුර්ණ නිමාවක් 4

ඕල් රායිට් ඔන්න එහෙනම් සුපුරුදුපරිදි නොසිතු මම ආව ...................ගියපාර කව්රුත් මගේ අසනිපතත්වය ගැන ඇසුවේ නැති උනත් දැන් නම් හොදායි...............කියල තමා කියන්න තියෙන්නේ ..................ගියපාර දිගවැඩී කියල මාරු වෙන්න හදපු එකෙන් උනේ ලොකු චාටර් එකක් කන්නයි ,බැනුම් අහන්නයි ඉතින් මන් අද තීරණය කරා මැරීගෙනහරි ලොකූ එකක් කියනවා කියලා.....................කෝ ඉතින් මට රෑට ලියන්නම හම්බවෙන්නේ නැහැ නේ ...........ලියන්න කියල වාඩී වෙද්දීම එකෙක් ගෙන් call එකක් *** වා වරෙන් buba යන්න ...................අනේ ඉතින් අහිංසක නොසිතු මම ඇදගෙන ගියා, ගිහිල්ලත් ආතල් කොටි එකහමාරයි ...............ඊයේ වෙච්ච සිද්දි සමග වෙනම කතා ලිස්ට් එකක් පසුව බලාපොරොත්තුවන්න ......................තව එකක් කියන්න ඉස්සෙල්ල එකක් ඉවර කරන්න එපෑ ..................නැද්ද මෙයාල................... :ඩී

කොහොමහරි මන් එදා ඉවරකරේ මට අලුතෙන් සෙට් වෙච්ච යහළුවෝ සෙට් එක ගැන කියලනේ 

අද ඒතැන් සිට
 
 
කොහොමහරි මන් කෙල්ලන්ගේ අතර ඉක්මනට ජනප්‍රිය උන නිසා මාත් එක්ක මලෙන් හිටපු කොල්ලෝ අපමණයි .................උන් මොනවා කිව්වත් මමනේ දන්නේ මගේ target එක...................... ඉතින් කොහොමහරි අපි සෙට් එක 11 වසරටත් ආව ඊටපස්සේ මමත් පැන්න  මගේ 4 වෙනි ඉස්කෝලෙට ඒක මිශ්‍ර පාසලක් එකේ හිටපු කෙල්ලෝ ගැනත් වෙනම කියන්නම් .................................ඔන්න ආයෙත් අරය ඉස්සරහින් යනවා මන් පස්සෙන් යනවා කාට කියන්නද ??? එහෙම කිව්වට දැන් මන් පුසිගේ පස්සෙන් යන එක ප්‍රසිද්ද රහසක් මුළු ගමම දන්නවා වගේ තමා.................මොනතරම් ප්‍රසිද්දද කියනවනම් << add එකක් වගේ එකක්>>(ඔන්න දවසක් මන් class  එක ඉදිරිපිට ................කෙල්ලෝ set එකක් school Uni වලින් යනවා මට ඉතින් තිබ්බ කටේ කැසිල්ලට මොකද්ද එකක් කිව්වද මන්ද ................එකපාර මේ කෙල්ලෝ set එක පූසී පූසී කියල කෑගැහුවේ නෑලූ එත් පුසිත් කියනවා එයාලව දැකලත් නැහැ ලු .....................අනේමන්ද ) නැවතත් ඉතින් ඔහොම කාලේ ගෙවීගෙන යද්දී තමා කෙල්ලෝ ඉස්සරහ තිබ්බ  මගේ card එක පලුදු වෙන්න වැඩක් උනේ ...................


අතුරු කතාවක් වගේ එකක් ( මෙය ටිකක් දිගු උනත් මෙය නොදා මේ කතාව කියන ආකාරයක් මට හිතගත නොහැකි බැවින් මේ කතාවත් මෙතනට ඈද ගන්නා ලදී )

කොල්ලෙක් දවසක් මගෙන් iPod එක ඉල්ලුව නොදී ඉන්න බැරි කමට ගොන්මනාත් දුන්නලු ඉතින් ......(අපිත් ඉතින් i කිව්වොත් apple නේ) ...........1 week වලින් පස්සේ මට ආයෙත් හම්බ උනා කියමුකෝ මමත් ඉතින් ඕක ඔහොම්මම ගෙනාව class එකට දැන් මන් songs අහනවා ඉතින් කව්රුහරි කතා කොරොත් sorry මට ඇහුනේ නැහැ මොකද්ද කියල headset එකත් ගලෝල ආයෙත් කනේ.......... ඔන්න ආව මගේ 4 වෙනි ඉස්කෝලේ බුදු ෆිට් එකක් වන ලොම්බ්ස් ..........................අනේ ***** මේ iPod එකක් නේද ශා ලස්සනයි පොඩ්ඩක් දෙන්නකෝ ,මමත් ඉතින් ඉබ්බා දියට දාන්න හදද්දී ඇන්නාවේ කියල අදිමදි කරලා දුන්නලු .........................ලොම්බ්ස්සුත් ඉතින් මට ටිකිරි හිනාවකින් සංග්‍රහ කරලා අරගෙන ගියාලු .............ඔන්න දැන් එයාගෙ වටේ කෙල්ලෝ ගොඩයි ...................ඔන්න ඉතින් මමත් ලොක්ක වගේ අනිත් පැත්ත බලන් හිටියෙත් නැහැ කියල තමා වන්ස කතා වල ලියවිලා තියෙන්නේ ...............කෝමහරි ටික වෙලාවකින් මමත් රබර් ඇහැ දාල බැලුව මොකද තත්වෙ කියල
 


කෙල්ලෝ ටික වටවෙලා මගේ iPod එක දිහා කන්න වගේ බැල්මට් එකක් ගෙන ඉන්නවා ......................සමහර උන්ගේ කටවලුත් ඇරිලා ..................සමහර උන් බය වෙලා .............සමහර උන් මගේ දිහා බලනවා එහා පැත්තේ ඉන්න එකට මොනවදෝ දොඩෝනවා ..................දැන් මන් හොරෙන් බලාගෙන ඉන්නවා  මුන් ටික කුසු කුසු ගගා කියවනවා ..................එවෙලාවට තමා මගේ 6 වන ඉන්ද්‍රියට තේරුනේ මෙතන මොකක් හරි ජිල්මාට් එකක් තියනවා කියල ...............ඉතින් මමත් ඉතින් මෙතන ඉදන් මොනවා කරන්නද කියල ශේප් එකේ ලොම්බ්ස් ලගේ පැත්තට ලං උනා .................ලොම්බ්ස් දැන් මොනවා හරි පෙන්න පෙන්න ලොකු දේශනයක් දෙනවා අනිත් උන් අහගෙන ඉන්නවා ...............

  
ලොම්බ්ස් :- ඕව මොනවද හලෝ ඕව අපේ අයියගේ computer එකත් තියනවා ..............
ඩොල්කි num 2 :-   ඇත්තද ????????
ලොම්බ්ස් :-ඔව් හලෝ මන් ඕව ඇති වෙනකන් බලල තියනවා..................ඔහොම හිටියට හැම කොල්ලම ඕව බලනවා අෆ්ෆා
කෙල්ලෝ සෙට් එකම :- නෑ..................................
ලොම්බ්ස් :- නැත්තේ නැහැ අනේ මන් දන්නේ නැද්ද .......................
((දැන් මාව බට ලයිට් කම්හලක් වගේ ....................මුන්ට මොකුන් වැහිලද මන්දා .............ඕන වෙඩීමක් කියල මන් එතනට ගියා ))

 
    
මගේ බුදු ෆිට වූ ලොම්බ්ස් කියවන්නේ මොනවද??? මෙය card එක පලුදු වීමට හේතුවක් උනේ කෙසේද ??? නොසිතු මම කුමක් කරයි ද??? මෙවැනි නානාප්‍රකාර ත්‍රස්තජනක සිද්දීන් සමුදායක් රැගත් .......................නිමාවක් නොමැති පූර්ණ නිමාවක් 5 ලගදීම බලාපොරොත්තු වන්න

ප.ලි. :මේක වත් දිග ඇති කියා සිතමි .......................වරදවල් ඇත්නම් පෙන්වා දෙන මෙන් ඉතාමත් කාරුණිකව ඉල්ලා සිටිමි  :ඩී