Sunday, February 19, 2012

සිහිනයකි ඔබේ ආදරේ

ආදරය කියන්නේ වෙලාවකට පිස්සුවක්  කොච්චර එපා කියල හිතුනත් ලග නැති වෙනකොට ජිවිතේ ලොකු හිස්තැනක් තියනවා .  කොච්චර ආදරේ කරත් මදි වගේ දැනෙනවා.  
සිතින් ආදරේ කරන එක තරමක් සුන්දර උනත් ආදරේ කරන කෙනා වෙන එක්කෙනෙක් ගැන කතා කරද්දී දැනෙන දුක මෙච්චරයි කියල නිම කරන්න බැහැ .  ආදරේ කොච්චර හංගන්න හැදුවත් මට එක කරන්න බැහැ මොකද මන් එච්චරටම ආදරේ නිසා . රූපසුන්දරියන් දැක්ක තැන නොගැස්සුනු හිත ඔයාව දැක්කම බූමිකම්පවකට හසු උනා වගේ දැනෙනවා . ජිවිතේ වටිනා කියන දේවල් නැති වෙලා යද්දී හිනාවෙලා හිටපු හිත ඔයා පැයගානකට වෙන්වෙලා යද්දී අඩනවා

කොච්චර එපා කියල හිටියත් ඔයාගේ නම online දකිනකොට ඔයාගේ නම උඩට cursor එක යන්නේ මටත් හොරෙන්මයි . ඔයානැති බව දැනුනු වෙලාවට අපිදෙන්නගේ චැට්      history බලන එකේ තේරුම මට තාම හිතාගන්න බෑ.ඔයා මගේ ජිවිතේ හුගක් වෙනස් කරේ කොහොමද කියල මට තාම තේරුම්ගන්න බෑ.කොච්චර ප්‍රශ්න තිබුන වෙලාවක උනත් ඔයාගේ 4to එක දැක්කම ලැබෙන සැනසීම වෙන මොකකින්වත් ලබාගන්න බැහැ . A ....කියන්නේ කව්ද කියල ඔයා අහපුවම ඔයාගේ නම කියල හිත කගහද්දී අනූ කියන නම type කරේ සිහිනෙන් වගේ .තවමත් ආදරේද කියල අහද්දී උත්තරයක් නොදී ගොළු උනේ ආයෙත් මගේ අහිංසක හිත  තැලෙයි කියන බයටයි .

ලඟ නැති බව දැනෙනවා 

එනමුත් හද අහනවා 
ඔබ ඒවිදෝ කවදාහෝ 
ඔබ මගෙමයි හැගෙනවා 
ආදරේ තව රැදෙනවා 
ඔබ ඒවිදෝ කවදාහෝ 

හුදකලාව මේ සිත හඩවනවා
සැමදා ජිවිතයේ තනිවේදැයි හිතනවා
ඔබගෙන් ලද උණුසුම මට දැනෙනවා 
තනිකම මාගේ ඉගිලී යනවා 

ලඟ නැති බව ........................

නෙතුපියාන මා ඔබේ රුව මවනවා 
හීනෙන් ඇවිත් මා දෑස සිඹිනවා 
ඔබගේ සුසුම් මට තව දැනෙනවා 
ඔබ දන්නේ නෑ ආදරේ ගලනවා

ලඟ නැති බව ........................

4 comments:

  1. ආදරේ දැනුනම ඔහොම තමයි ඉතින්..

    ReplyDelete
  2. ආදරේ අන්ධයිලු නේ.... ඒක වෙන්ටැති

    ReplyDelete
  3. ආදරේ කියන්නේ ඕකට තමයි :)

    ReplyDelete
  4. හයියූ.......:(
    ඔන්න අඩයි මං මේ පැට්ටෙ ආවෙ......

    ගනන්ගන්නෙපා අනී.....මේ ඩවස්වලට කවුලු මොනව කිව්වට් වැඩක් නෑ....ඔයා අහන්නෙ ඔයාගෙ හිත කියන දේ විතරයි.....ඔහොම්මම ඉන්න ටික දවසක් යනකම්...හැමදේම හරියයි.....:)

    ReplyDelete