Thursday, January 26, 2012

just a another mistake

hey guys අදත් නොසිතු මන් සුපුරුදු විදිහටම කතාවක් කොටන්නයි යන්නේ . අද අපේ bunny අයිය කිව්වනේ මගේ style එකට ආස නැහැ කියල .හේතුවනම් කිව්වේ නැහැ .මන් හිතන්නේ තිත් ගොඩාරියක් දාන නිසා වෙන්න ඇති.
කෝ ඉතින් ඊයේ මුළු දවසම ගෙදර හිටියනේ .ඒක නිසා අද call එකක් මොකද්ද හොටෙල් එකක නමක් කිව්වා .ගිය බලන්න මෙන්න බොලේ අයිස් බඩයි, බුරා අයියයි අබරනවා . ඊටපස්සේ තමා සිද්දිය අපේ අයිස් බදාට සල්ලි හම්බවෙලා ඌ දැන් යලිත් පෙරසේ වියදම් තමා . ඔක්කොම 5000 හේ කොල .කස්ටිය සෙට් උන පූල් යන්න (පීනන්න තමා ඉතින්)අන්තිමට කට්ටිය පූල් ගැහුවා . අන්තිමට Rs .500 ක් දින්න නරක නෑනේ .උගේ තියරිය තමා සල්ලි තියෙන්නේ ෆන් ගන්න ඒකියන්නේ වියදම් කරන්න දැන් 1 month වල ඉදන් ඌ අලුතෙන් සල්ලි වියදම් කරන්න විදිහක් හොයාගෙන ඒ තමා club යන එක .මේ ගෙව්න මාසේට ඒ යකා club එකට ලක්ස 10 ට  වඩා වියදම් කරලා තියනවා කොහොමහරි අදත් ඌ සුපුරුදු පරිදි club තමා මටත් එන්න කිව්වා එත් මගේ ඒ හැටි  ආසාවක් නැහැ අදත් උගේ සල්ලි වලින් බාගයකට වඩා බබා සෙට් (අත්දැකීමෙන් කියන්නේ) 

හුටා අද මන් ලියන්න ආවේ mission හචිංක නේ මොන මගුලක්ද මන් මේ ලිව්වේ කියල මන් මේ කල්පනා කොරනවා.

පොඩි හැදින්වීමක් :- මේක තමා මන් අර පුර්ණ නිමාවෙන් පස්සේ officially ට්‍රය් කරපු story එක .එතකොට මන් පුසිව හුගාක් දුරට අමතක කරලා තිබුනේ. ඊටපස්සේ  මන් හුගක් කෙල්ලන්ට මල් කැඩුව නල්ල පිපී,රොෂ් ,sexy සචිනි , තව පොඩි නංගිලා සෙට් එකක් (නම් මතක නැත ) එත් hit වෙච්ච කැල්ලක් හිටියේ නැහැ .මල් කැඩුව විතරයි :ඩී බට් කිසිම කෙනෙක් ගෙන් ඇහුවේ නැහැ මොකද මට ඕන කමක් තිබ්බේ නැහැ. මන් හෙව්වෙම මගේ හිතේ ඇදිච්ච කැල්ලක් .කොහොමහරි ඔය ඕලෙවල් ලියන්න ඉස්සෙල්ල සතියේ අන්තිම ගණන් class එකේදී මගේ හොදම ෆ්රෙඩෙක් වන මෝඩ මුසලය boot සූව දාගත්ත,(ඔය සිද්ද වෙච්ච දේටත් වග කියන්න ඕනේ මොඩපහේ නිමාෂා and නොසිතු තුමා ) ඕලෙවල් ඉවරයි නොසිතු මමත් ඕලෙවල් ලිව්වා කියමුකෝ.

මෙන්න මුන් දෙන්නගේ මල ඇඩීයාව දෙන්නට මීට් වෙන්න විදිහක් නැහැ . OL කරපු දෙන්නෙක්ට ඔයවෙලාවට මතක් වෙන්නේ after OL classes , ඔන්න එතකොට තමා මීටර් උනේ මොකද්ද මන්දිරේක ඉන්දික කියල එකෙක් english class එකක් කරනවා කියල. ඔය class එකත් negombo වල තියන අතල් ම class එකක් කියල බය නැතුව කියනවා.හේතුවනම් class එක අවසානයේ class එකේම කෙල්ලෝ කොල්ලෝ ජෝඩු කරලා පොඩි chat එකක් දාන්න දෙනවා අතල් නැද්ද අෆ්ෆා කෙල්ලයි කොල්ලයි කතා කරන්න ඕනේ english වලින් ඕන දෙයක් කතා කරන්න නිදහස තියනවා. හුගක්  අදුරන්නේත් නැති ජෝඩු එකට වැඩිවෙලා පැය කීපයකට පස්සේ සදහටම ජෝඩු වෙනවා මාරම නිදහස් ,තමන්ට කැමති කෙල්ලවත් choose කරගන්න පුළුවන්.

ඉතින් අරුන් දෙන්නත් ලෑස්තියි.සාක්ෂි කාරයෝ විදිහට කොල්ලගේ පැත්තෙන් මමයි කෙල්ලගේ පැත්තෙන් මොඩපහේ නිමාෂයි දෙන්නත් class එකට join .ඔය class වලට හුගක් එන්නේ සෙට් පිටින් ඉතින් මටයි අර මුසලයටයි විතරක් class එකේ ඉන්න එක boring ඔය class එකේ හුගක් ඉන්නේ අපේ school එකත් එක්ක අව්ලෙන් හිටපු සෙට් තමා . ඉතින් හොදම විසදුම උනේ අපේ උන් 2 3 කුත් join කරගන්න එක .කෙල්ලොන්ටත් ඒකම හිතිලාද කොහෙද 
කොහොමහරි අන්තිමට අපේ පැත්තෙන් චිමිය , සමනලය ,මුසලයාගේ අයිය කෙනෙක් වන රාජ් සේටාර් උනා
විරුද්ද පක්ෂෙන් නම් ආවේ romantic රෝ විතරද මන්ද

කොහොමහරි මම ඔන්න අයෙත් කෙල්ලෝ හොයනවෝ ......... ඔන්න එකදවසක් මට කෙල්ලෙක්ව සෙට් උනා  දැන් දෙන්න කතා කරනවා කතා කරනවා ඉවරයක් නැහැ කෙල්ලත් හුරුබුහුටියි , කොන්ඩෙ කොටට කපල හරිම තැම්පත් කෙල්ලෙක් කොහොමහරි කතාව ඉවර උනේ මගේ හිතේ එයා විශේෂ තැනක් අරගෙනයි .ඔන්න ඉතින් මන් සුපුරුදු මෝඩ වැඩේ කරානේ , සිද්දිය මොඩපහේ නිමාෂට කිව්වා අයියෝ සල්ලි මේකි මොකද කරේ මුළු class එකේම කෙසේවෙතත් එයාගේ desk එක වටේ ඉන්න කෙල්ලෝ හුගක් දැනගත්ත (පන්තිය ඉවර උනාමයි කෙල්ලෝ කොල්ලෝ එකට දාන්නේ )

කොහොමහරි මේ love එකට help කරන්න නිමාෂ ගේ යාලුවෙක් ස්ව කැමැත්තෙන් ඉදිරිපත් උනා නම හචින්කා කොන්ඩෙ කොන්ඩෙ කොටට කපපු තවත් කෙනෙක්   ,මාර කටකාරයි , එතරම් ලොකු ලස්සනක් නැතත් හොද ආකර්ශනීය බවක් තියනවා ,පොඩි දගලිල්ලකුත් නැතුවම නොවෙයි කොහොමහරි එයා කිව්වා මේකට හෙල්ප් එකක් දෙන්නම් කියල coz අර කෙල්ල යන්නේ හචින්කාගේ  bus එකේද කොහේදෝ ඉතින් කොහොමහරි හචින්කා අර කෙල්ලගෙන් මන් ගැන අහල next week කියන්නම් කිව්වා

හාං දොයි මතායි වෙලාව පාන්දර 3 යි . අදට ඇති නේහ්????  

17 comments:

  1. යකෝ වටේපිටේ කූණූගොඩවල් අහලා කථාවට සෙටි වෙන කොටම නිදිමතයි කියලා ඉවර කරලනේ දෙන්න හිතේනවා නොසිතෙන්න එකක්

    ReplyDelete
    Replies
    1. සමාව බාජනයකට දාල අද රෑ වෙනකන් වත් තියන්න හොදේ .........අද රෑට ඉතුරු ටිකත් ලියනවෝ

      Delete
  2. උඹ මේක තව ටිකක් හිතල ලිවුවනම් හොදයි කියල හිතෙනවා.... කතාව අපැහැහ්ඩිලි පට පිට පනින තැන තියෙනව වගේ තියෙනව...

    ReplyDelete
    Replies
    1. කතාව අපැහැදිලියි වගේද? ඊලග එක කොහොමහරි හොදට ලියනවා .දුන් ඔවදනට ස්තුති. පිට පනින ඒවා ගැන කියනවනම් එම කොටසේ පසුබිම කිව්වො ත් ඔයාලට තෙරුන්ගැනීමට ලේසියි කියල හිතුන

      Delete
  3. කිවුවත් වගේ කතාවට සෙට් වෙද්දිම වගේ කතාව නවත්තලානේ..

    ReplyDelete
    Replies
    1. අද රෑ ඉතුරුටික ලියනවෝ .............සිදු වූ අත්වැරදීමට නොසිතු මගේ බලවත් කණගාටුව

      Delete
  4. malli hodin inna,, kaawawath wishwasa karanna epa

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම්ම් හුගක් අයව විස්වාස කරලා මට සිද්ද වෙලා තියන හානිය අනන්තයි

      Delete
  5. ඔව් මල්ලි ඔය වර්ණා අක්කා කියන එක අහලා හොද ළමයෙක් වෙයන්

    ReplyDelete
  6. නල්ල පිපී දැන් වෙන පොරක් එක්ක සෙට් බං....

    ReplyDelete
    Replies
    1. නෑ !!!!!! අම්මප ??? අපරාදේ බන් ..............දැන් නම් දකින්නත් ආසයි

      Delete
  7. අනේ මන්ද ඉතින්... කමක් නෑ ඔය උඩ ඉන්න අය්යලා කියල තියෙන විදියට ලියන්න මල්ලි.. ජය වේවා!!!

    ReplyDelete