Monday, January 23, 2012

නිමාවක් නොමැති පුර්ණ නිමාවක් 4

ඕල් රායිට් ඔන්න එහෙනම් සුපුරුදුපරිදි නොසිතු මම ආව ...................ගියපාර කව්රුත් මගේ අසනිපතත්වය ගැන ඇසුවේ නැති උනත් දැන් නම් හොදායි...............කියල තමා කියන්න තියෙන්නේ ..................ගියපාර දිගවැඩී කියල මාරු වෙන්න හදපු එකෙන් උනේ ලොකු චාටර් එකක් කන්නයි ,බැනුම් අහන්නයි ඉතින් මන් අද තීරණය කරා මැරීගෙනහරි ලොකූ එකක් කියනවා කියලා.....................කෝ ඉතින් මට රෑට ලියන්නම හම්බවෙන්නේ නැහැ නේ ...........ලියන්න කියල වාඩී වෙද්දීම එකෙක් ගෙන් call එකක් *** වා වරෙන් buba යන්න ...................අනේ ඉතින් අහිංසක නොසිතු මම ඇදගෙන ගියා, ගිහිල්ලත් ආතල් කොටි එකහමාරයි ...............ඊයේ වෙච්ච සිද්දි සමග වෙනම කතා ලිස්ට් එකක් පසුව බලාපොරොත්තුවන්න ......................තව එකක් කියන්න ඉස්සෙල්ල එකක් ඉවර කරන්න එපෑ ..................නැද්ද මෙයාල................... :ඩී

කොහොමහරි මන් එදා ඉවරකරේ මට අලුතෙන් සෙට් වෙච්ච යහළුවෝ සෙට් එක ගැන කියලනේ 

අද ඒතැන් සිට
 
 
කොහොමහරි මන් කෙල්ලන්ගේ අතර ඉක්මනට ජනප්‍රිය උන නිසා මාත් එක්ක මලෙන් හිටපු කොල්ලෝ අපමණයි .................උන් මොනවා කිව්වත් මමනේ දන්නේ මගේ target එක...................... ඉතින් කොහොමහරි අපි සෙට් එක 11 වසරටත් ආව ඊටපස්සේ මමත් පැන්න  මගේ 4 වෙනි ඉස්කෝලෙට ඒක මිශ්‍ර පාසලක් එකේ හිටපු කෙල්ලෝ ගැනත් වෙනම කියන්නම් .................................ඔන්න ආයෙත් අරය ඉස්සරහින් යනවා මන් පස්සෙන් යනවා කාට කියන්නද ??? එහෙම කිව්වට දැන් මන් පුසිගේ පස්සෙන් යන එක ප්‍රසිද්ද රහසක් මුළු ගමම දන්නවා වගේ තමා.................මොනතරම් ප්‍රසිද්දද කියනවනම් << add එකක් වගේ එකක්>>(ඔන්න දවසක් මන් class  එක ඉදිරිපිට ................කෙල්ලෝ set එකක් school Uni වලින් යනවා මට ඉතින් තිබ්බ කටේ කැසිල්ලට මොකද්ද එකක් කිව්වද මන්ද ................එකපාර මේ කෙල්ලෝ set එක පූසී පූසී කියල කෑගැහුවේ නෑලූ එත් පුසිත් කියනවා එයාලව දැකලත් නැහැ ලු .....................අනේමන්ද ) නැවතත් ඉතින් ඔහොම කාලේ ගෙවීගෙන යද්දී තමා කෙල්ලෝ ඉස්සරහ තිබ්බ  මගේ card එක පලුදු වෙන්න වැඩක් උනේ ...................


අතුරු කතාවක් වගේ එකක් ( මෙය ටිකක් දිගු උනත් මෙය නොදා මේ කතාව කියන ආකාරයක් මට හිතගත නොහැකි බැවින් මේ කතාවත් මෙතනට ඈද ගන්නා ලදී )

කොල්ලෙක් දවසක් මගෙන් iPod එක ඉල්ලුව නොදී ඉන්න බැරි කමට ගොන්මනාත් දුන්නලු ඉතින් ......(අපිත් ඉතින් i කිව්වොත් apple නේ) ...........1 week වලින් පස්සේ මට ආයෙත් හම්බ උනා කියමුකෝ මමත් ඉතින් ඕක ඔහොම්මම ගෙනාව class එකට දැන් මන් songs අහනවා ඉතින් කව්රුහරි කතා කොරොත් sorry මට ඇහුනේ නැහැ මොකද්ද කියල headset එකත් ගලෝල ආයෙත් කනේ.......... ඔන්න ආව මගේ 4 වෙනි ඉස්කෝලේ බුදු ෆිට් එකක් වන ලොම්බ්ස් ..........................අනේ ***** මේ iPod එකක් නේද ශා ලස්සනයි පොඩ්ඩක් දෙන්නකෝ ,මමත් ඉතින් ඉබ්බා දියට දාන්න හදද්දී ඇන්නාවේ කියල අදිමදි කරලා දුන්නලු .........................ලොම්බ්ස්සුත් ඉතින් මට ටිකිරි හිනාවකින් සංග්‍රහ කරලා අරගෙන ගියාලු .............ඔන්න දැන් එයාගෙ වටේ කෙල්ලෝ ගොඩයි ...................ඔන්න ඉතින් මමත් ලොක්ක වගේ අනිත් පැත්ත බලන් හිටියෙත් නැහැ කියල තමා වන්ස කතා වල ලියවිලා තියෙන්නේ ...............කෝමහරි ටික වෙලාවකින් මමත් රබර් ඇහැ දාල බැලුව මොකද තත්වෙ කියල
 


කෙල්ලෝ ටික වටවෙලා මගේ iPod එක දිහා කන්න වගේ බැල්මට් එකක් ගෙන ඉන්නවා ......................සමහර උන්ගේ කටවලුත් ඇරිලා ..................සමහර උන් බය වෙලා .............සමහර උන් මගේ දිහා බලනවා එහා පැත්තේ ඉන්න එකට මොනවදෝ දොඩෝනවා ..................දැන් මන් හොරෙන් බලාගෙන ඉන්නවා  මුන් ටික කුසු කුසු ගගා කියවනවා ..................එවෙලාවට තමා මගේ 6 වන ඉන්ද්‍රියට තේරුනේ මෙතන මොකක් හරි ජිල්මාට් එකක් තියනවා කියල ...............ඉතින් මමත් ඉතින් මෙතන ඉදන් මොනවා කරන්නද කියල ශේප් එකේ ලොම්බ්ස් ලගේ පැත්තට ලං උනා .................ලොම්බ්ස් දැන් මොනවා හරි පෙන්න පෙන්න ලොකු දේශනයක් දෙනවා අනිත් උන් අහගෙන ඉන්නවා ...............

  
ලොම්බ්ස් :- ඕව මොනවද හලෝ ඕව අපේ අයියගේ computer එකත් තියනවා ..............
ඩොල්කි num 2 :-   ඇත්තද ????????
ලොම්බ්ස් :-ඔව් හලෝ මන් ඕව ඇති වෙනකන් බලල තියනවා..................ඔහොම හිටියට හැම කොල්ලම ඕව බලනවා අෆ්ෆා
කෙල්ලෝ සෙට් එකම :- නෑ..................................
ලොම්බ්ස් :- නැත්තේ නැහැ අනේ මන් දන්නේ නැද්ද .......................
((දැන් මාව බට ලයිට් කම්හලක් වගේ ....................මුන්ට මොකුන් වැහිලද මන්දා .............ඕන වෙඩීමක් කියල මන් එතනට ගියා ))

 
    
මගේ බුදු ෆිට වූ ලොම්බ්ස් කියවන්නේ මොනවද??? මෙය card එක පලුදු වීමට හේතුවක් උනේ කෙසේද ??? නොසිතු මම කුමක් කරයි ද??? මෙවැනි නානාප්‍රකාර ත්‍රස්තජනක සිද්දීන් සමුදායක් රැගත් .......................නිමාවක් නොමැති පූර්ණ නිමාවක් 5 ලගදීම බලාපොරොත්තු වන්න

ප.ලි. :මේක වත් දිග ඇති කියා සිතමි .......................වරදවල් ඇත්නම් පෙන්වා දෙන මෙන් ඉතාමත් කාරුණිකව ඉල්ලා සිටිමි  :ඩී  
   

8 comments:

  1. එදාට වඩා නම් ටිකක් දිගයි තමා. හැබැයි ඊළඟ කොටස ඉක්මණට දාන්න ඕන.:)(Y)

    ReplyDelete
    Replies
    1. බලමු බලමු ..................මන් හැමදාම බ්ලොග් ලියන්නේ රෑට ඉතින් ඊයේ වගේ කොහේ හරි යන්න සෙට් උනොත් sorry .com තමා කොහොමහරි ඉක්මනින් ලියන්න try එක දෙනවා ..................... comment එකට ස්තුතියි :d

      Delete
  2. එකින් එකට කමෙන්ට් නොදැම්මත් මම මේක කියවනවා සහෝ..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සහෝදරයා ...............

      Delete
  3. දිගයි එදාට වඩා, එත මේ අතුරු කතාව ඉවර කරන්න තිබුනානේ, බලන්න දැන් මට ඔයාට හොම්බට හැටක් දෙන්න හිතෙනවා මල්ලියෝ :/

    ReplyDelete
    Replies
    1. sorry .com අක්කියෝ මට හිතාගන්න බැරි උනා කොහෙන්ද නවත්තන්නේ කියල ඒකයි ඔහොම නැවැත්තුවේ.....................

      Delete
  4. //.ගියපාර කව්රුත් මගේ අසනිපතත්වය ගැන ඇසුවේ නැති උනත් දැන් නම් හොදායි//

    හි හි මේකනම් නියමයි...

    නිමාෂා ගේ මැසේජ් එකට මොකද උනේ?

    ReplyDelete
    Replies
    1. අක්කි නිමාෂා ගේ msg එකට වෙච්ච දේ ඔය වෙනුවෙන්ම පුර්ණ නිමාවක් 5 දැම්ම

      Delete