Sunday, January 29, 2012

just a another mistake 3

ඔන්න guys මම අදත් සුපුරුදු විදිහට ආව ....................කොහොමහරි මට කියන්න තියෙන්නේ මමනම් හොදින් කියල තමා( කව්රුත් ඇහුවේ නැති උනාට අහයි කියල හිතලයි කිව්වේ හොදේ ) මන් ඔයාලට කිව්වනේ එදා මන් හචින්කා අක්කි හින්ද පොඩ්ඩක්  මනෝ ගහල කියල .................. ඉතින් 

අද එතැන් සිට (සාදු සාදු සාදු )

ඔන්න මන් ඉතින් ගෙදර ගියත් හ්ම්ම්ම් මට අව්ල් ඇයි අෆ්ෆා මන් අච්චර ආදරේ හිතෙන කෙල්ලෙක්ට වනේ මග ඇරියේ ලස්සන කෙල්ලෝ හොයා හොයා ..................මට ඇත්තටම දුක හිතුන ..............(මන් ගැන කියනවනම් මන් කරන දේවල් චුට්ටක්වත් හිතන්නේ නැහැ .............පස්සේ පසුතැවෙනවා)කොහොමහරි මට එයාව හුගක් මතක් උනේ නැහැ කිව්වොත් ඒක බොරුවක් ...................ඉතින් ඔන්න 2 weeks විතර ගියා මන් හුගක් එයත් එක්කමයි කතා කරන්නේ .................කොහොමහරි අපේ කොල්ලෝ අතරත් හචින්කා ගැන පොඩි sean තිබ්බ මොකද මන් කිව්වනේ හචිංක කියන්නේ ටිකක් විශේෂයෙන් කැපීපෙනෙන චරිතයක් කියල ..............කොල්ලෝ ටිකත් මේකිත් එක්ක කතා කරනවා (කතා කරන්න ට්‍රය් කිව්වොත් හරිද මන්ද)...............අපේ රාජ් අයිය(මුසලයාගේ නෑදෑ අයියකෙනෙක්) මට කියනවා  
රාජ් :- අඩේ නොසිතු අර කෙල්ලගේ මොකක් හරි sean එකක් තියනවා බන් .............
නොසිතු :- කව්ද බන් ???
රාජ් :- අර හචිංක බන් මට එකිත් එක්ක කතා කරන්න අසයි බන් (රාජ් වැඩිය කෙල්ලොත් එක්ක කතා කරන්නේ නැහැ මොකද ඌ අයිය කෙනෙක් නේ ලැජ්ජාව ලැජ්ජාව)
නොසිතු :- ඉතින් කතා කොරපන් කෝ................ මොකෝ කියන්නේ දාල දෙන්නද ??? 
රාජ් :- කොහොමද බන් එහෙම මුනට ගිහිල්ල කතා කරන්නේ ??? එකිත් එක්ක කතා කරන්න chance එකක් සෙට් කරලා දීපංකො ............එකී මාර අමුතුයි බන් 
නොසිතු :- oky oky 

එටකොටයි මටත් තේරුනේ කෙල්ලගේ විශේෂත්වයක් පෙන්නේ මට විතරක් නොවන බව .............................................

ඔය මූසලය ගැන කියනවා නම් ලව් sean ඒක ගැන කෙල්ලටත් වඩා පරිස්සම් වෙන්නේ මූ .........වෙනමුකුත් නෙමේ මූ ගෙදරට පසට බයයි (class එකෙදිවත් boot සූ එක්ක තනියම කතා කරන්නේ නැහැ ................මූ මල් කඩන්නේ අපි හැමෝම මැදට වෙලා හොරෙන් ............මුගේ තිබ්බේ යකාගේ බයක් )ඉතින් මූ මල් කඩන කන් අපි ඔක්කොම වට වෙලා වෙන මගුල් කතා කරන්න ඕනේ ..................හික් හික් ඔන්න ඔහොමයි sean ඒක

ඔහොම උන්ගේ ලව් එක අතරේ මගේ හිතේ හචිංක ගැනත් අමුතුම දෙයක්  ඇතිවෙලා තිබුන .............එයත් එක්ක කතා කරන හැම වෙලාවේම මට එක තේරුණා ..............අනිත් උන් මොනවා කරත් මන් class එකේ එයත් එක්ක විතරක් කතා කරපු වාර ගණන අනන්තයි ..............බට් මට එයට දන්වන්න විදියක් තිබ්බේ නැහැ ...

එකක් තමා මන් එයාගෙන් කෙල්ලෙක් සෙට් කරගන්න උදව් ඉල්ලලා chater වෙලා තිබ්බේ ............ඉතින් මන්  කොහොමද එයාට කියන්නේ ............කොහොමහරි ඔය ටිකේ ඉදල තියනවා මන් ගැන ඉව වැටුන gal කෙනෙක් වෙන කව්රුත් නෙමේ අපේ මෝඩ පහේ නිමාෂ........ (ඔය වගේ ඒවාට එය ටිකක් විතර ඉව තියනවා ...........................)

ඔය කාලේ මන් නිමාෂා, boot සූ ,romantic රෝ තව කෙල්ලෝ 2 , 3 ක් එක්ක රෑට msg කරනවා.......................... msg ගැන කියනවනම් දවස් 3 ට inbox එක 3000 පැනල  4ne එක stuck වෙනවා චිමිය සාක්කි ..............   (අම්මෝ දැන්නම් කෙල්ලෙක් නෙමේ මොකෙක්ටවත් msg කරන්න නැහැ ...............ඒක එච්චරටම එපාවෙලා ) 
ඔන්න දවසක් රෑ නිමාෂත් එක්ක msg කර කර ඉද්දි නිමාෂා අහනවා ...............
m .p නිමාෂා :- නොසිතු ........මන් බඩ්ඩක් අහන්නම් ඇත්තම කියනවද?
මම:- අහන්න ???
m .p නිමාෂා:- ඔයා හචින්කට line නේද???(කාල වරෙන්කො මදෑ හිතින් පෙම් කරන්න ගියා )
මම:- ඔව්.............. ඔයා කොහොමද දන්නේ?? :O 

m .p නිමාෂා :- මට ඔයාව හොදට තේරෙනවා නොසිතු ..................කොහොමද මගේ වැඩ???
මම:-  හොදා හොදා බල්ලට වගේ තේරෙනවා ................ :P 
m .p නිමාෂා :- අනේ පලයන් කොල්ලෝ යන්න .............මෙහ් එකනෙමේ ඇයි ඔයා එයාගෙන් අහන්නේ නැත්තේ ???
මම:- එයා මට කැමති වෙයිද?
m .p නිමාෂා :- ඔයාට අකමැති වෙන්න නම් හේතුවක් නැහැ ..............ට්‍රය් එකක් දාල බලනවකො


මට ඔයාලගෙන් පොඩි උදව්වක් ඕනේ .........................මන් කතා ටික එක දිගට දාගෙන දාගෙන යද්දී ඔයාලට කතාව එපාවෙනවද???? මොකද මන් දවසගානේ  දාන නිසා ???..............මට pls මේගැන කියන්න ...................comment එකක් දාල කිව්වොත් එක මට ලොකු උදව්වක්(නැත්තන් මුන් හිතෙන කියයිද දන්නේ නැහැ නේ )   :D

8 comments:

  1. ලොලේ ලොල්! හචින්කාට වඩා නිමාෂා සැට් වගේ! හිකිස්! එළ කතාව, ඔහොම යන්! ඊළඟ අයිටමයත් ඉක්මනට එවනවනම් පංකාදුයි! ජය වේවා කොල්ලො!

    ReplyDelete
    Replies
    1. ඇත්තවශයෙන්ම නොකිය හිටපු ඇත්තක් තමා ඒක ...ඒ ඇත්ත ගැනත් හෙමිට දැන්නම් කෝ .......................ඊළඟ අයිටමය ගැනකියනවනම් මන් ඒක ඉක්මනින්ම දානවා ..................

      Delete
  2. ඊළඟ කැල්ලත් ඉකමනටම දාපං මචෝ..... තු විතරක් මෙච්චර එකටින්න මද්දුවටවත් මේ සීන් 1 කිව්වේ නැහැනේ බං....

    ReplyDelete
    Replies
    1. උබ හචිංක අක්කි ගැන දන්නේ නැද්ද බන්??? මන් හිතුව මුළු ලෝකෙම දන්නවා කියල

      Delete
  3. හැමදාම ලිවුවට අවුලක් නෑ මල්ලියේ.. එතකොට කතාව කියවන කෙනෙක්ට අමතක වෙන්න තියෙන ඉඩ අඩුයි..

    ReplyDelete
    Replies
    1. එහෙනම් ආයේ එකෙන්ම ලියනාවෝ .............

      Delete
  4. ප්‍රශ්නයක් නෑ හැමදාම ලියන්න... කියවන කෙනා කොහොමත් කියවනවා, කියවන්නෙ නැති කෙනා කියවන්නෙ නෑ මයි... ජය වේවා මල්ලි!!!

    ReplyDelete
    Replies
    1. oky අක්කි එහෙනම් මන් කියවන අය වෙනුවෙන් ලියනවෝ .

      Delete